උද්ඝෝෂණ,අර්බුද මැද රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇගවීමක්..

sri lanka GMOA special announcement gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 06, 2022 04:39 AM GMT
krishani

krishani

Report

අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,

"අද වෙනකොට අපිට පේන්න තියෙනවා දැඩි ඖෂධ අර්බුදයකට අපි මුහුණදෙමින් ඉන්නවා. රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැක්කා රජය ඒ සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ, ඖෂධ ලබානොදුන්නට වෘත්තීය සමිති මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවා කරලා සෞඛ්‍ය සේවාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. රජයක් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ගැසට් පත්‍රයක් ගහනවා නම් රජයට පුළුවන් වෙන්න ඕනේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන බව තහවුරු කරන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now