කොළඹ වරායේ නවතා ඇති කන්ටේනර බහාලුමකට දැඩි හමුදා ආරක්ෂාවක් දාලා.. හදිසියේම මෙතරම් ආරක්ෂාවක් ලබා දී හමුදාව මේ රකින්නේ මොනවාද..?

police Sri lanka Safety Port of Colombo gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 06, 2022 12:37 AM GMT
krishani

krishani

Report

කොළඹ වරායේ ජේ. සී. ටී පර්යන්තයේ නවතා ඇති කන්ටේනර බහලුමකට දැඩි හමුදා ආරක්ෂාවක් ලබාදී ඇති බව දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සංසරණය වනවා.

ඊට අදාළ කන්ටේනර් බහලුමේ අංකය ලෙස දැක්වෙන්නේ 0270586 වශයෙන්. මේ පිළිබදව කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ දැඩි හමුදා ආරක්ෂාවක් සහිතව රඳවා ඇති බහලුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම බහලුවේ ගබඩා කර ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය මත සිදුකරන, විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලි ද්‍රව්‍ය තොගයක්.

එම විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමට මෙලෙස කොළඹ වරායට රැගෙන ආ බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුදත්ත සිල්වා කියා සිටියේ.

එවැනි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවක දී පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ එවැනි විශේෂ ආරක්ෂක ඒකකයක ආරක්ෂාව ලබා ගැනීම එම ක්‍රියාවලියේ එක් කොටසක් බවත් ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරනවා.

මේ හේතුවෙන් අදාල වීඩියෝව මග හුවමාරු වන ව්‍යාජ තොරතුරුවලට මුලාවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now