පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්..
උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද(04) සිට නිවාඩු ලබාදී තිබෙනවා.
ඒ එම පළාත්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල්වල වාර විභාග අවසන්ව ඇති බැවින්.
අනෙකුත් පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග අවසන් නොවූ ශ්‍රේණිවල දරුවන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.
එමෙන්ම, අදින් ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව ද ලේකම්වරයා කියා සිටියා.
එමෙන්ම, විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වීම හේතු කොටගෙන අද සිට පාසල් නිවාඩු ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණයි.
මෙම සතිය තුළ අත්‍යවශ්‍යම කටයුතු සඳහා දරුවන් පාසල් කැඳවන්නේ නම් ඊට විදුහල්පතිවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ලබාගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළඟ පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සැළසුම් කටයුතු සිදුකළ යුතුයි.
දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පහසුව මෙන්ම මහජන උපයෝගීතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත් සළකා අදාළ තීරණ ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
මේ ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.
මේ අතර, අද සිට අටවනදා දක්වා බස්නාහිර පළාතේ සියලු කතෝලික පෞද්ගලික පාසල් සහ කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තැබෙනවා.
කතෝලික පෞද්ගලික පාසල් සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමන් ප්‍රකාශ කළේ රටේ පවතින තත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
එමෙන්ම ලංකා සභාව යටතේ පාලනය වන පාසල්වල වාර විභාග පැවැත්වෙන ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල්වලට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |