ජරමර මැද විදුලි කප්පාදුවේ වෙනසක් ! අද දින විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Apr 04, 2022 02:33 AM GMT
krishani

krishani

Report

අද(04) දිනයේ පැය හතර හමාරක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය හතක විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි.

එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3 ත් 4 ත් අතර කාලයකටත් රාත්‍රි කාලයේදී පැය භාගයක විදුලි කප්පාදුවකටත් අවසර ලබාදීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත්තේ.

මෙලෙස විදුලි කප්පාදුව අඩු කිරීමට අදාළ නිර්දේශ පහක් වහාම ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

කැළණිතිස්ස බලාගාරය පැය විසි හතර පුරා ක්‍රියාත්මක කිරීම දැනට උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන සොජිස්ට් බලාගාරයේ ඉතිරි මෙගාවොට් 33 ක ධාරිතාවද ජනනය සඳහා එක් කිරීම මෙම නිර්දේශ අතර ඇතුළත්.

එමෙන්ම දැනට මෙගාවොට් විස්සක් අඩුවෙන් ක්‍රියාත්මක වෙස්ට්කොස්ට් බලාගාරය උපරිම ධාරිතාවයෙන් ජනනය සඳහා යොදාගැනීම විදුලි කප්පාදුව අඩු කිරීමට නිර්දේශ කර තිබෙනවා.

මතුගම, තුල්හිරිය සහ කොළොන්නාව බලාගාර ක්‍රියාත්මක කර මෙගාවොට් විස්සක ධාරිතාවක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම අක්‍රිය පෞද්ගලික බලාගාරයක් වන ඒෂියා පවර් බලාගාරයේ රැස් කර ඇති දැවි තෙල් තොගය ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද ඒ සහ බී බලාගාරවලට ලබාදීම ද මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට කර ඇති නිර්දේශ අතර වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now