ජනපති නිල වෙබ් අඩවිය හිටිහැටියේම බිඳ වැටුණේ ඇයි..හැකර්වරුන් එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ද..? ඇත්ත නැත්ත ගැන හෙළිදරව්වක් !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Gotabhaya Rajapakshe
President'web site
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල වෙබ් අඩවියට පිවිසීමේ යම් අපහසුතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ, මෙය සමාජ මාධ්‍ය ජාලා හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවයි.
කෙසේවෙතත් ඒ පිළිබඳ මෙතෙක් පිළිගත හැකි නිල නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් හෝ විදුලි සංදේශ නියාමන කොමිෂම මගින් නිකුත් කර නැහැ.
මේ පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකුගෙන් සිදු කළ විමසීමකදී, ඔහු කියා සිටියේ මෙය කෘත්‍රීම ව නිර්මාණය ( Artificial Traffic Generation) වන ලද දෙයක් බවයි.
කෙසේවෙතත් ගුවන් හමුදා සයිබර් අවකාශ මෙහෙයුම් කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.