සමාජ මාධ්‍ය අවහිරය මැද ප්‍රබල ආයතනක ප්‍රබලයෙක් ඉල්ලා අස් වෙයි..

sri lanka resignation gagana news Sri lanka sinhala news today trending news Mr.Oshada Senanayake
By krishani Apr 03, 2022 04:34 AM GMT
krishani

krishani

Report

ඕෂධ සේනානායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමිනි සිටි ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේ, සභාපතිවරයා අද (03) පෙරවරුවේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මෙරට ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියාවිරහිත කරන ලෙස ඊයේ (02) තම අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ෆේස්බුක්,යූටියුබ්,ඉසන්ස්ටර්ග්‍රෑම්,වට්සැප්,ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අහිමි වී තිබෙනවා.