විදුලිය නොමැතිව ඔසුසැල්වල ඖෂධ ගැනත් ප්‍රශ්නයක් - බෙහෙත් පෙත්තක්වත් නැති වෙයි ද..භයානක තත්ත්වයක්..

sri lanka gagana news Power cuts Sri lanka sinhala news today trending news medicine problems
By krishani Apr 01, 2022 05:51 AM GMT
krishani

krishani

Report

අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ඔසුසැල්වල ඖෂධ ගබඩා කර තැබීමේදී ගැටළු රැසක් පැනනැගී ඇතැයි ඖෂධවේදීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ඖෂධ අනිවාර්යයෙන්ම ශීතකරණයක් තුළ තැබිය යුතු බවයි.

කඩින්කඩ විදුලිය විසන්ධිවීමෙන් එවැනි ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව ඖෂධවේදීන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ ඔසුසැල්වල ඖෂධ අලෙවියද සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට ඔසුසැල්වලින් විදුලිජනන යන්ත්‍රයක් ඇත්තේ සියයට 10 කට පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.පවතින ගැටළුව සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්නගෙන් ද විමසීමක් කළා.

අද දිනයේ ද දිවයින පුරා පැය 12 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now