ඩොලර් 2,000ක මාසික වැටුපකට සිංගප්පූරුවට යන්න ඔයාට නියම චාන්ස් එකක් - රැකියා ක්ෂේත්‍ර 8ක්

Report

ආහාර සේවා, සමාජ සේවා සහ ගුවන් සේවා යන අංශවල නව රැකියා ක්ෂේත්‍ර 8ක් සඳහා ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමට අවසර ලබා දෙමින් සිංගප්පූරුව සිය රැකියා බලපත්‍ර ක්‍රමවේදය පුළුල් කර තිබේ.

දේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සේවායෝජකයින් මුහුණ දෙන ශ්‍රම හිඟයට පිළියමක් ලෙස මෙම නව රෙගුලාසි හඳුන්වා දී ඇති අතර, සාම්ප්‍රදායික නොවන මූලාශ්‍ර රැකියා ලැයිස්තුව යටතේ මෙම රැකියා ක්ෂේත්‍ර ආවරණය වන බව සිංගප්පූරු මිනිස්බල අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මස් සහ මාළු සැකසුම්කරුවන් හා ඒ ආශ්‍රිත ආහාර සකසන්නන්, ආහාර සහ පාන වර්ග අලෙවිසැල් සහායකයින්, මුළුතැන්ගෙයි සහායකයින්, භෝජනාගාර සේවකයින්, ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින්, ළදරු හා ළමා සුරැකුම්කරුවන්, මුල් ළමාවිය අධ්‍යාපන සහායකයින් සහ ගුරු සහායකයින් යන රැකියා ක්ෂේත්‍ර 8 සඳහා මෙම හිමිකම හිමිවේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති රටවල් 9 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන අතර බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය සහ තායිලන්තය සෙසු රටවල් වේ.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නව රෙගුලාසිවලට අනුව මෙම රැකියා ලැයිස්තුව හරහා විදේශීය ශ්‍රමිකයින් බඳවා ගන්නා සේවායෝජකයින් විසින් අදාළ සේවකයින්ට අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක (S$2,000) ස්ථාවර මාසික වැටුපක් ලබා දිය යුතුය.

එමෙන්ම මෙලෙස බඳවා ගන්නා සේවකයින් සංඛ්‍යාව ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 8ක් නොඉක්මවිය යුතුය. මෙමඟින් සිංගප්පූරුවේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම ආගන්තුක සත්කාරක, ආහාර සේවා, ළමා සුරැකුම් සහ ගුවන් සේවා යන ක්ෂේත්‍රවල නව අවස්ථා උදා වී තිබේ.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත්, මෙම නව නීති මඟින් ස්වයංක්‍රීයව රැකියා බලපත්‍ර අනුමත වීමක් සිදු නොවන අතර, සිංගප්පූරු සේවායෝජකයින් අදාළ සුදුසුකම් සපුරා අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතු බව ද මිනිස්බල අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.