කුලියාපිටියේ වෙඩිතැබීමක්

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Gagana News Mar 04, 2025 06:27 AM GMT
Gagana News

Gagana News

Report

කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (03) සවස් කාලයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් ඉහත පුද්ගලයාට එහි මුරකරු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

එම වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ කුලියාපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිඅවිය සඳහා 2025 වර්ෂයට බලපත්‍ර නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.


ReeCha