දකුණ හොල්ලමින් දික්වැල්ලේ වෙඩි තැබීමක්..
Police spokesman
Sri Lanka Police
Matara
Gun Shooting
By Aruna
මාතර - දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල ලබා ඇති බව මාතර පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමට හේතුව තවම ත් තහවුරු කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පසුගිය 10වැනි දින පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ සකකරු පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.