ඊශ්‍රායලයෙන් ගාසා දරුවන්ට වෙඩි

Report

තවමත් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් ද මිය යන්නේ ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකය උත්සන්න කරමින් ඒ ආකාරයේ අවාසනාවන්ත සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් - බලාහ් නගරයේ සෞඛ්‍ය සායනයක ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තැබීමයි. එහිදි කාන්තාවන් ළමුන් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

මිය ගිය කුඩාම ළමයාගේ වයස අවුරුදු 2ක්. මිය ගිය වැඩිම වයසකින් යුත් ළමයාගේ වයස අවුරුදු 14ක්. එම සිද්ධියෙන් විපතට පත් ළමුන්ගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි. මෙවැනි වෙඩි තැබීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය. එහෙත් ඊශ්‍රායලය සිදුකරන එවැනි විමර්ශනවලින් මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නැහැ.

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?