''රුදුරු බලය බිඳින ජන සටන අනුරාධපුරයෙන් ඇරඹෙයි" - මහා ජන රැලිය සුපිරි රාවයකින් ආරම්භ වෙයි
By Kanchana
“ජන පීඩක ආණ්ඩුවේ රුදුරු බලය බිඳින ජන සටන” තේමාව යටතේ සංවිධානය කර ඇති අනුරාධපුර මහා ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
“ජන පීඩක ආණ්ඩුවේ රුදුරු බලය බිඳින ජන සටන” යන තේමාව යටතේ සංවිධානය කර ඇති අනුරාධපුර මහා ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර ඇති මෙම ජන රැළිය සඳහා පක්ෂයේ නියෝජිතයන්, හිටපු මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිතයන් සහ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටින බව සඳහන් වේ.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂය දක්වන විරෝධය ප්‍රකාශ කිරීම සහ සිය දේශපාලන ශක්තිය ප්‍රදර්ශනය කිරීම මෙම රැළියේ ප්‍රධාන අරමුණක් බව සංවිධායකයන් පවසයි.