''කුඩු ජාවාරම කුඩුපට්ටම් කරමින් ශිරාන් බාසික්ගේ සමීපතමයෙකුත් දැලේ'' - රුපියල් මිලියන 250ක මත්ද්‍රව්‍ය තොගයක් වත්තලින් හමුවෙයි
By Malith Madushan
වත්තල, මාබෝල ප්‍රදේශයේදී රුපියල් මිලියන 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක් පොලිස් භාරයට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත බර කිලෝග්‍රෑම් 18කට ආසන්න වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 250කට අධික බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව සිටින ‘මොරිල්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.