රාජ්‍ය සේවකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්

Report

සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

මෙම පත්වීම් ලබාදීම සිදු කෙරෙන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජය ගෙන යන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (11) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේ දී පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට නියමිතයි.

බැංකු තීරණාත්මක තත්ත්වයක - මේ විදිහට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

බැංකු තීරණාත්මක තත්ත්වයක - මේ විදිහට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වසරේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) ||| වන ශ්‍රේණිය සඳහා අදියර 03 ක් යටතේ 1,989 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇත.

එම පත්වීම් ලාභීන්ගෙන් සේවයට වාර්තා නොකළ, පත්වීම් බාර නොගත් සහ සේවය අතහැර ගිය පිරිසේ පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම සිදු කෙරේ.