කළුතර බිහිසුණු වෙඩි තැබීම - රෝහලේ සිටි බිරිඳත් මරණයට

Report

පසුගිය 09 වන දින කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳ මරණයට පත්ව ඇත.

අවන්හල ඉදිරිපිට දී එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇත.

රාජ්‍ය සේවකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්

රාජ්‍ය සේවකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්

අද (11) අලුයම එම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ මියගිය කාන්තාව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙකු වන බවය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

බැංකු තීරණාත්මක තත්ත්වයක - මේ විදිහට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

බැංකු තීරණාත්මක තත්ත්වයක - මේ විදිහට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි