අපි දෙන්නම ආදරෙන් පැරදුන අය.පළමු විවහා වලට සමු දුන් ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් අලුත් ජිවිතේ ගැන කියූ කතාව (PHOTOS)
කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. පසුගිය අගෝස්තු මස 20 වැනිදා ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. අලුත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා හැමදේම සෑහෙන්න වෙනස්. උදේට නැගිටින වෙලාවේ ඉඳලා රෑට නින්දට යන වෙලාව වෙනතෙක් හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. මම ඉතින් ඒකට තවම හැඩ ගැහෙමින් පවතිනවා.මම අවුරුද්දක් තිස්සේ මගේ විවාහය අගෝස්තු මාසෙදි ගන්නවා කියලා සැලසුම් කරගෙන හිටියා.
අපි සැලසුම් කරපු දිනය අන්තිම මොහොතේ වෙනස් වුණා. දවසක වෙනසක් විතරයි වුණේ. මට ඕනේ වුණේ පල්ලියේ කතෝලික ආගමට අනුව මගේ විවාහ වෙන්න. මට කොහොමත් ලොකුවට විවාහ උත්සව ගන්න අදහස තිබුණේ නැහැ. මට ඕන වුණේ මගේ සමීපතමයින් විතරක් මගේ විවාහයට එනවා දකින්න. හැමෝම කතා වෙන විදිහේ විවාහ මංගල්‍යයක් ගන්න මම කැමැති නැහැ
අපි හැමෝගෙම ජීවිතේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක විවාහයෙයි විවාහ ජීවිතයෙයි වෙනස තේරුම් මමයි ක්‍රිෂානුයි දෙන්නම තේරුම් ගත්ත කෙනෙක්. ඇත්තටම හිතන්න ඕනේ විවාහ උත්සවය ගැන නෙමෙයි, විවාහයෙන් පස්සේ ජීවත් වෙන්න ඕන විදිය ගැන.
සාමාන්‍යයෙන් හැමෝටම කියලා හොඳ විවාහ උත්සවයක් ගන්න ලක්ෂ විස්සකට වැඩි මුදලක් යනවා. අපි දෙන්නා ඒ මුදල්වලින් අපේ ගෙදර හැදුවා. දැන් අපි ජීවත් වෙන්න වෙනම ගෙදරක තනියම. මෙතැනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගත කරන එක ගැන තමයි අපේ වැඩි අවධානයක් දෙන්නේ. මගේ ආදර කතාව ලොකු කතාවක් නෙමෙයි. එයා මගෙයි අක්කාගෙයි පරණ යාළුවෙක්. 2010දී අක්කියි මමයි රූපවාහිනී වැඩසටහනක් කළා ක්‍රිෂාන්ව ගෙන්නලා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්.
අක්කායි ක්‍රිෂානුයි හොඳම යාළුවෝ වුණා.ඒත් ලොකුවට කතාබහකළේ නැහැ අපි. ඇත්තටම මගේ ජීවිතේ විවාහය සම්බන්ධ හැල හැප්පීම් වුණාට පස්සේ අක්කා තමයි මට කිව්වේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා. මොකද ක්‍රිෂානුත් ඒ වෙනකොට මම වගේම ජීවිතේ ගැන අමිහිරි අත්දැකීම්වලට මූණ දීලා තිබුණේ. මම හිටපු තැනමයි එයත් හිටියේ.අපි දෙන්නාට ජීවිතේ සම්බන්ධයෙන් එක වගේ අත්දැකීම් තිබුණු නිසා අපි ගැලපෙයි කියලා අක්කිට හිතෙන්න ඇති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාට ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියලා.
ඇත්තටම අපි දෙන්නාගෙන් කවුරුත් ආදරෙයි කියලා යාළු වෙන්න කැමතිද කියලා අහලා නැහැ. අපි සෑහෙන්න දවස් යාළුවෝ විදිහට කතා කළා. අපි දෙන්නාගේ ආදරය ඉබේම ඇති වුණු එකක්. එයා මට ගැලපෙනවා කියලා මට හිතුණා.
ඉතින් මම එයාට කැමති වුණා.පවුලේ අයගෙනුත් අපිට දෙන්නාටම ආශිර්වාදය ලැබුණා.ක්‍රිෂාන්ගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තායි නංගියි. නංගි විවාහ වෙලා විදේශ ගත වෙලා ඉන්නේ. අම්මායි තාත්තායි නංගි ළඟත් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. ඒ අම්මාගෙනුත් තාත්තාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
එයාලා මට හරිම ආදරෙයි. අපි පොඩි කාලේ ඉඳලාම හිතන්නේ විවාහ වෙන කෙනා ගැන විතරයි.ඒත් අපි කවදාවත් වැඩිපුර හිතන්නේ නැහැ අපිට හම්බෙන කෙනාගෙ පවුල ගැන. මොකද කෙනෙක් හොඳ වෙන්නේ ඒ කෙනාගේ පවුල හොඳ වුණොත් විතරයි. හොඳ කෙනෙක් වගේම හොඳ පවුලකුත් ලැබෙන්න ඕනේ. අපි විවාහ වුණාට පස්සේ මේ හැමෝම නෑදෑයෝ වෙනවා. එකට මුණගැහෙනවා. එක පවුලක් වෙනවා.
හොඳ පවුලක් ලැබෙන්න ඕනේකියලා මම බලාපොරොත්තු වුණා. දැන් මට හොඳ පවුලකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම විවාහයෙන් පස්සේ ගෙදර වැඩ ගොඩක් මට කරන්න වෙලා. මම කොහොමත් ආසයි ගෘහණියක් වෙන්න. රස කෑම උයලා, ගෙවල් ලස්සනට අස්පස් කරගෙන ඉන්න මම ආසයි. ඒත් මම ගෙදර අම්මලා එක්ක ඉන්නකොට මගේ කාමරේ අස්කර ගත්තට ලොකුවට ගෙවල් අස් කළේ නැහැ.ඒත් දැන් මට දැනෙනවා වගකීම් වැඩියි කියලා.
ඒක හොඳ අත්දැකීමක්. මම උයලා ගෙදර අස් කරලා රෙදි සෝදලා වේලෙන්න දාලා කල්පනා කළා ගෙදර හිටියා නම් අම්මි මේ ඔක්කොම තනියම කරන්නේ කියලා. ඉතින් දැන් ඒ හැමදේම වෙනස් වෙලා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.ඉතින් අපි ඇයගේ ඉදිරි ගමනට සුභ පතනවා.