හමුදාපති ගෙන් මෙන්න තවත් දැනුම් දීමක්..
සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජුනි මස 07 වන දින දක්වා සංචරණ සීමා ඉවත් කරන තෙක් පවතින කාලසීමාව තුළ අදාළ අලෙවි ස්ථාන වසා තැබිය යුතු බවය.
මේ අතර අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ සිල්ලර වෙළදසැල් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, මාලු, මස් සහ එළවළු වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සංචරණ සීමා ලිහිල්කරන අවස්තාවේදි ජනතාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව සිය අත්‍යවශ්‍ය කටයුතු සදහා නිවෙස්වලින් බැහැර විය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |