අයියෝ මෙහෙමත් පව්කාර පුතාලා බලන්නකෝ කරලා තියන වැඩේ
By Kanchana
මැදවච්චිය පොලිස් වසමේ ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (27) දිනයේ ඝාතනය කර තිබේ.
එලෙස මියගිය කාන්තාව වයස අවුරුදු 81ක් වූ ඉසින්බැස්සගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියකි මෙම මියගිය කාන්තාව හා ඇයගේ කථන ආබාධයක් සහිත තම පුත්‍රයා සමග නිවසේ ජීවත්ව සිට තිබේ.
පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගියදා රාත්‍රියේ පුත්‍රයා විසින් පොරවකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තවද ඝාතනයේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
එම ජීවිතක්ෂයට පත් කාන්තාවගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම සිද්ධිය පිළිබද මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.