මාර වැඩ තමයි කරන්නේ අනවසර විදුලි රැහැනක් ඇදලා බල්ලෝ 18 ක් මරලා
ගනේවත්ත කොතලාවලපුර ප්‍රදේශයෙන් අනවසර විදුලි රැහැනක් ඇද සුනඛයන් 18 දෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ සතියක් ඇතුළත ප්‍රදේශයේ නිවෙස්වල සුරතලයට ඇතිකළ සුනඛයන් මෙසේ මරණයට පත්ව ඇති බවයි.
වැල්ලව පොලිසිය වෙත සුනඛයන්ගේ හිමිකරුවන් විසින් මේ පිිළිබද පැමිණිළි කර තිබේ.
නමුත් හරි ආකාරව නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ඔවුන් චෝදනා කරයි.
ප්‍රද්ශවාසීන් සදහන් කරන්නේ අදාළ සැකකරු නිවසේ වවා තිබූ ගංජා පැළයක්ද පොලිසියට හමුවූ බවත් මේ පිළිබද විමර්ශනයට පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණෙන විටත් අනවසර විදුලි රැහැන එම ආකාරයටම තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ආනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධව පොලිසිය විසින් විදුලිබල මණ්ඩලය වෙත දන්වන ලෙස කියා ඇතත් විදුලිබල මණ්ඩලය පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කරන ලෙසයි.
මෙලෙස දෙපිරිසට ප්‍රශ්ණය හුවමාරු කර ගනී.
ජානකී කුමාරි මහත්මිය සදහන් කර ඇත්තේ මේ ආකාරයෙන් සුනඛයන් 18 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් කඩිනමින් විසදුමක් දෙන ලෙසයි .