ශම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සමස්ත නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (29) නිල වශයෙන් භාර දී තිබේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සියලු දෙනා සිය ධුරයන්ගෙන් ඉවත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක් - හේතුව මෙන්න

ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක් - හේතුව මෙන්න

මෙම ඉල්ලා අස්වීමේ තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ද නිල වශයෙන් දැනුම් දී ඇත.

පසුගිය දිනවල ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ දැඩි දේශපාලන සහ මහජන බලපෑම හමුවේ මෙම සමූහ ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප