15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන විකුණලා

internet CID harassment drug dealers sexual video
By Sewvandhi Jul 30, 2021 01:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් උපයා ගැනීම ද සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (29)කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නා.

දැරිය නිරුවත් කර එකී දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම ද එකී ජාවාරම්කරු විසින් සිදුකර ඇතැයි ද අධිකරණයට පැවසූ ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු එලෙස මුදල් ගෙවා එකී ලිංගික දර්ශන නැරඹු පුද්ගලයන් තිදෙනකුගෙන් මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද අධිකරණයට සඳහන් කළ බව අද (30)  සඳහන් කෙරුණා.

ගෙවන මුදල අනුව එකී ලිංගික දර්ශන නැරඹිමට ලබාදෙන කාලය තීරණය වන බවත් විනාඩි 5 – 10 වැනි කාලයක් නැරඹීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම සඳහා රුපියල් 5000 – 8000 ක් වැනි මුදලක් අයකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now