ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු ලංකාවේ සැඟව ඉඳලා - අත්අඩංගුවට

Report

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේ ලබා ගන්නා ලද හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් ඉන්දියාවට රැගෙන යාමේ දී එරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බන්ධනාගාරයෙන් පලාවිත් මෙරට සැඟව සිටිය දී බව සඳහන්.

එමෙන්ම සැකකරු ඉන්දීය රජය මඟින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ අයෙක් බව පවසයි.

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

මොහු ඉන්දියාවට මුහුදු මඟින් මත්කුඩු ප්‍රවාහනය කළ වරදට එරට කොච්චිකේස් බන්ධනාගාරයේ සිටියදී ඉන් පැනවිත් මුහුදු මාර්ග ඔස්සේ වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ ඇති අතර සැගව සිටිය දී වෙන්නප්පුව පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පසුව අඳාළ නඩුව සදහා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවක දී බන්ධනාගාර නිලධාරීගෙන් මිදි පැනවිත් වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටිය දීයි සැකකරු මෙසේ ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අගුලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් වන අතර උදර්පන නීතිය යටතේ සැකකරු ඉන්දීය රජය වෙත යොමුකිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට