අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට සැලැස්මක් - “බිලියන ගණනක් වියදම් කර සිදු කරන්න යන යෝධ සංවර්ධනයක්”

Report

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සකස් කර ඇති සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් / පළමු ලේකම් රෝෂිණී තොම්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ තිබූ අතර, එහිදී අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබුණි.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම ආයතන දෙක එක්ව සකස් කළ කෙටුම්පත් යෝජනාවලිය මේ වන විට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇති අතර, එහි අන්තර්ගත කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තිබේ. එහිදී ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.7ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එහි මූල්‍යමය දායකත්වය ඉන්දීය රජය විසින් ලබාදීමට නියමිත අතර, ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික පසුබිම ආරක්ෂා කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, කැළි කසළ විධිමත්ව බැහැර කිරීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම ගරා වැටී ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වැඩිහිටි දිනය දවසෙම වැඩිහිටියන්ට සුබ ආරංචියක් - එනකල් බලා සිටි මේ දීමනාව අද සිට බැංකුවට

වැඩිහිටි දිනය දවසෙම වැඩිහිටියන්ට සුබ ආරංචියක් - එනකල් බලා සිටි මේ දීමනාව අද සිට බැංකුවට