ත්රිරෝද රිය අඩි 235ක් ප්රපාතයකට, දරුණු අනතුරක්
කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්රපාතයෙන් වූ ඇළ මාර්ගයකට පෙරලීමෙන් එම ත්රී රොද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රොහලට ඇතුලත් කළ බව නානුඔය පොලිසිය සදහන් කර තිබේ.
මෙම අනතුර සිදුව නුවරඑලිය කිරිමැටිය හරහා හැටන් මාර්ගයේ නානුඔය ක්ලාන්ටන් වත්ත ප්රදේශයේදීය.
එම ත්රීරෝද රථය අධික වේගයෙන් ධාවනය වූ බවත් ත්රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයෙන් වූ ඇළ මාර්ගය පෙරලී ඇති බවත් වාර්තා වේ.
පොලිසිය සදහන් කළේ ත්රීරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි රියදුරා පමණක් ගමන් කර ඇති බවයි.