ලොවක් බලන් ඉද්දි ඉරාන විදේශ ඇමතිට නිව්යෝර්ක් යන්න බැරි වුණ හේතුව මෙන්න
By Kaushi
අමෙරිකානු වීසා බලපත්‍ර ලබාගැනීමේදී මතුවූ ගැටලුවක් නිසා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කර ඇති බව සඳහන්.
චීනයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති මෙම විශේෂ ආරක්ෂක මණ්ඩල සැසියට සහභාගී වීම වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා සූදානමින් සිට ඇත.
එහෙත් පවතින තත්ත්වයන් සහ වීසා නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ඔහුට මෙම සංචාරය මඟහැරී ඇති බව සඳහන්.