ලක්ෂ 60ක හොර දුම්වැටි සමඟ චීන ව්‍යාපාරිකයන් රේගු දැලට

Report

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුතු විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද (25) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31, 36 සහ 40 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙකි.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

සැකකරුවන් විසින් මෙම දුම්වැටි තොගය රේගු ප්‍රකාශ කිරීම්වලින් තොරව 'හරිත මාවත' (Green Channel) ඔස්සේ රහසිගතව රැගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට ලක්ව තිබේ.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ සංචාරක ගමන් මලු 06 ක් සෝදිසි කිරීමේදී, ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 202 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම නීතිවිරෝධී දුම්වැටි තොගයේ දේශීය වෙළඳපොළ වටිනාකම රුපියල් හැට ලක්ෂ හැටදහසක් (රු. 6,060,000) පමණ වන බව රේගු බලධාරීන් සඳහන් කරයි.

හෙටත් තද වැසි - රටේ ජනතාව ප්‍රවේශම් වෙන්න

හෙටත් තද වැසි - රටේ ජනතාව ප්‍රවේශම් වෙන්න

සැකකාර චීන ජාතිකයන් තිදෙනා මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අතර, සිදුවීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පුළුල් මට්ටමේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.