ලංකාවටම සුභ පණිවිඩයක් - ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළටම
2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවා තිබේ. 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂවයි 6% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් ලෙස වාර්තා වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317.16ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එමගින් මෙරට සමස්ත අපනයන කාර්යසාධනය මෙහෙයවී මෙහිලා සේවා අංශයේ වර්ධනය වන වැදගත්කම සහ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය මැනවින් පිළිබිඹු වේ.
2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.3% ක වර්ධනයක් වේ.
මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම 4.8% ක වර්ධනයක් සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 4,524.62ක් වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,259.76ක් දක්වායි ඉහළ ගොස් ඇත්තේ. අභියෝගාත්මක ගෝලීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද අත්පත් කරගත් මෙම ප්‍රගතිය හරහා මෙරට අපනයන අංශයේ පවතින ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය මෙන්ම දැනුම මත පදනම් වූ ආර්ථිකයේ වර්ධනය වන වැදගත්කම මැනවින් පිළිබිඹු වනවා.
ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?
මෙම ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය (Resilience) මැනවින් පිළිබිඹු වන බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන උපායමාර්ගික පියවරයන් සහ වෙළඳපොළ විවිධාංගීකරණ ප්‍රයත්නයන් ඉදිරි අපනයන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් ශක්තියක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.