ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් අතර අද (25) පෙරවරුවේ හදිසි ගැටුමක් හටගෙන තිබේ.
මෙම නොසන්සුන් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුව වහාම ක්රියාත්මක වූ බන්ධනාගාර බලධාරීන් විසින් ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ (ජාතික) රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
රැඳවියන් අතර මෙම ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී මේ වන විට තත්ත්වය පාලනය කර තිබේ.