මම නිළියක් කියලා කියන්න පොඩි ලැජ්ජාවක් දැන් තියෙනවා ( VIDEO)

Sri lamka semini iddamalgoda
By Sewvandhi Jul 17, 2021 06:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මල් වල ලස්සන විදින්න හැමෝම කැමතියි මල් වලට ආදරය කරන්නෙත් මල් වගේම කෙනෙක් මේ නිවස හරිම ලස්සනට මල් වලින්ම සරසලා තියාගෙන ඉන්නේ හරිම ලස්සනට එහෙම කෙනෙක් ඇය ඇය වෙලාවකට ඉරබටු තරුවක් වගේ,හංස ගීතයක් වගේ ඇය නමින් සේමිණි ඉද්දමල්ගොඩ සම්මානනීය ජනකාන්ත රංගන ශිල්පිනීය…

ආයුබෝවන් ඔබට…මම මේ කතාව පටන් ගන්න හදන්නේ සේමිණී දිනූෂා පලිහවඩන පුංචි කාලේ ඇල්පිටියේ නියාගම පුංචිම කාලේ ඉස්කෝලේ ගිය මතකය….කොහොමද ඒ මතකය….?

”ඒක ඇත්තටම හරිම සුන්දරයි….මොකද අම්මයි තාත්තයි ඒ කාලේ පිටරටක තමයි රැකියාව කළේ ඒ නිසා මට සිද්ධ වුණා අක්කගේ අම්මා ගාවට යන්න ඇල්පිටියේ මියුරියල් ලොකු අම්ම ගාවට ….ලොකු අම්මාගේ ගෙදර ඉන්නකොට ඉන්න කොට මගේ පාසල් යන වයස ආවා ඒ නිසා නියාගම කනිෂ්ඨ විද්‍යාලයට මාව ඇතුළත් කලා…මම නියාගම කනිෂ්ඨ විද්‍යාලයේ මාස හයක් විතර අධ්‍යාපනය හැදෑරුවා ඒ කාලේ සුන්දරයි කියලා කියන්නේ දැන් අපේ දරුවන්ට විඳින්න නැති වෙන්නේ නැති ගොඩාක් දේවල් වින්දා මම ඒ කාලේ පාර දිගේ පයින් ඉස්කෝලෙට යන්නේ,දං බෝවිටියා මාදං කකා,ඒක හරිම සුන්දරයි ඇත්තටම ඒ දේවල් විඳින්නම ඕන ඒ දේවල් දැනෙන්න….”

ඔබ හරිම ආදරණීය දියණියක් ඔබ නිතර ම ඔබේ මව ගැන හරිම ආදරයෙන් කතා දුවට මවක මිස වගේ අපි අම්මා ගැන චුට්ටක් මතක් කරමු නේද….?

මගේ අම්මා අම්ම නෙස්ටා බණ්ඩාර මට ඉන්නවා තව පුංචි මල්ලි කෙනෙක් සහ මගෙ තාත්තා පොඩි පවුලක් අපි….අම්මා කියලා කියන්නේ ඕන කෙනෙක්ට තමන්ගේ ජීවිතේ වටිනාම සුන්දරම දේ ඉතින් මටත් ඒ වගේ තමයි පහුගිය කාලය ඇය අසනීපයෙන් හිටියා අපිට ළඟට ගිහින් සත්කාර කරන්නත් බැරි උනා බොහොම කලබලවෙලා අපි හිටියේ ඒ නිසා ගොඩක් දුකින් හිටියේ මේ කාලයේ දරුවන් ස්වාමිපුරුෂයා දෙමව්පියන් කවුරුන් අහිමි උනත් ගොඩක් වෙලාවට ඒ අවස්ථාවට සහභාගි වෙන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා මම හරිම වාසනාවන්තයි මගේ අම්මට සුවය ලැබුණා….”

පුංචි කාලෙන් පස්සේ කොළඹට එනවා කොළඹට ඇවිත් මියුසියස් එකේ ජීවිතය හාත්පසින්ම වෙනස් නේ….?

”හරිම අමාරු උනා මුලදි ටිකක් එකට හැඩ ගැහෙන්න මිනිස්සු විද්‍යාලයේ නේවාසිකාගාරය තමයි මට ඉන්න සිද්ධ වුණේ මොකද අම්මයි තාත්තයි පිට රටක සේවා කරපු නිසා ඒක ටිකක් අමාරු වුණා…මට මතකයි මම grade one වලටම තමයි මියුසියස් එකට ගියේ ඉතිං ගෙනත් ඇරලවලා යනකොට මට ඒක දරා ගන්න බැරි වුණා නිදහසේ ජිවත් වෙලා එකපාරට එකට හිරවෙන්න මට අමාරු උනා ඒ වෙනකොට පවුලේ මම විතරයි ලමෙක්ට හිටියේ…පස්සේ ඉන්න යාළුවොත් එක්ක එකට එකතු වෙන්න පුළුවන් උනහම ඒක හරිම සුන්දර අත්දැකීමක් වුනා….කොහොමහරි මම හයේ පන්තියට විතර වෙනකම්ම මම හිටියේ පාසලේ නේවාසිකාගාරයේ ඊට පස්සේ අම්මයි තාත්තයි තීරණය කරලා ලංකාවට එන්න ඕනේ කියලා කොළඹ පදිංචියට ආවා ….”

එදා මේක දුකක් වේදනාවක් වගේ දැනුන ට පළවෙනි දවසෙ නේවාසිකාගාරය නින්ද යන්නෙ නැතුව ඇති…නමුත් ජීවිතය තනියම මේ පිළිවෙලට තියාගන්න එක තනියම වැඩ කරන එක ජීවිතය හරි track එකට දැම්ම කියලා හිතෙන්නේ නැද්ද …?

”අනිවාර්යෙන්ම……ඒක හරියටම හරි ජීවිතයේ පිළිවෙලක් වෙන්න මුල් අඩිතාලමක් ඕන කොහෙන් හරි එක්කෝ දෙමව්පියෝ ගාව ඉඳලා දෙමව්පියන්ගෙන් ලැබෙන්න ඕනේ නැත්නම් අර වගේ නේවාසිකාගාරයක හැදෙන ගැහැණු ගැහැනු ළමයෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන්…ඉතිං ඒක පුංචි කාලේ ඉඳලම මට පාසලෙන් ලැබුණා time table එකකට තමයි අපි වැඩ කරන්නේ උදේ 05:00 ට නැගිටින්න ඕනේ ඊට පස්සේ studies වලට යන්න ඕනේ ඊට පස්සේ 6:30 වෙනකොට breakfast වලට යන්න ඕනේ ඊට පස්සේ 7:30 වෙනකොට ඉස්කෝලෙට යන්න ඕනේ….මේ ඇතුළෙ එක තැන තමයි වෙන්නේ…ඊට පස්සෙ ආපහු 1:30 ඉස්කෝලේ ඉවර ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ change කරගෙන ඇවිල්ල ආයෙත් lunch වලට යන්න ඕනේ ඒ වගේ හවස 5 වෙනකොට බුදුන් වඳින්න යන්න ඕනේ…වැඩපිළිවෙළයි ඉතින් නිදාගන්න එකේ ඉදලා හැමදේම පිළිවෙලකට සිද්ධ වෙච්ච නිසා ඒ පිළිවෙල තාමත් මං ගාව තියෙනවා…”

පැදුරු මාලේ කවි මතක ද …සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වේදිකාවට ගියපු දවස මල්කාන්ති නන්දසිරි මහත්මිය ගේ වැඩකට ….?

”මමයි අනුරාධයි හොඳම යාලුවෝ එතකොට දර්ශි තරංගා….මම දැන් සිංදුවක්වත් කියන්නේ නැති නැති කෙනෙක් ඉස්සර ක්‍රීඩාවටයි දඟ වැඩවලට තමයි මම කැමැත්ත තිබ්බේ badminton තමයි මම play කරේ…ඉස්සර මම ජයමංගල ගාථා කියන්නත් යනවා අනුරාදයි මමයි…. ”

පාසල් යන කාලය බොහෝ සිදුවීම් තියෙනවා නේද අමතක නොවන ඉස්කෝලේ අමතකම නොවන සිදුවීම් තියෙනවද ….?

”ඉස්සර අපි ආසයි uniform එක අඳින කොට low waist ඉතිං ඒක තහනම් ඉස්කෝලේ ඒත් ඒ කාලේ එහෙම කරගෙන ගියාම principal office එක ගාව සෑහෙන වෙලාවල් දණගහගෙන ඉන්නවා ….ඒ වගේ දේවල් යාළුවොත් එක්ක රණ්ඩු සරුවල් වෙනවා…..අපේ එක යාලුවෙක් හිටියා මම නම කියන්නේ නැහැ එයා ප්‍රසිද්ධ කෙනෙක් ඒ කාලේ ඉතා ප්‍රසිද්ධ කෙනෙක් ගේ දුවක් දවල් දවසේ අපි මොනා ට හරි රණ්ඩු වෙලා හිටියොත් නින්ද ගියාට පස්සේ ඇවිල්ලා කොනිත්තලා යනවා කවුද කළේ කියලා දන්නේ නැහැ හොරාව අහුවෙනවා….ඊට පස්සේ ඉතින් පිටි සීනි කන එක අපි පොඩි කාලේ අපිට තේ හදාගෙන බොන්න බැහැ ඒ නිසා අපේ පිටි සීනි තේ කොළ හැමදේම තියෙන්නෙ dining room එකේ ඒවා හදලා දෙනවාසමහර ළමයි ගේ අම්මලා දුර ඉඳන් වෙද්දී පුදුමාකාර කෑම ජාති අරගෙන එනවා dining room මේ යාලුවගෙ කබඩ් එකේ අර දේවල් තියෙනවා ඉතින් මම හොරෙන් හොරෙන් ගිහින් එයා නැති වෙලාවට පිටි සීනි කොලේකට දාගෙන කනවා දවසක් එයාට අහු උනා පස්සේ අපේ අම්මා ආවා පොඩි කාලේ නේවාසිකාගාරය ඇතුලට අම්මට එන්න දෙනවා ඉතිං අම්ම ආවට පස්සෙ ඒ මගේ යාළුවා අඬ අඬ අනේ aunty සේමිණී මගේ පිටි සීනි හොරෙන් කෑවා කියලා කිව්වා …ඊට පස්සේ අම්මගෙන් බැනුම් ඇහුව හොඳටම ඊට පස්සේ අම්මා මගේ කබඩ් එකේ පිටි සීනි තියාගන්න කියලා දුන්නා …..”

කලා ලෝකයේ මුලින්ම සම්බන්ධ වෙන නිර්මාණය මොකක්ද ….?

”පාසලෙන් අයින් වුණාට පස්සේ මගේ එකම අරමුණ වුණේ විවාහ වෙන්න ඒ වෙන කොට ධම්මික මාත් එක්ක යාළු වෙලා හිටියා මට ඕන වුණේ විවාහ වෙන්න ළමයි හදන්න ආසාව තිබ්බා මට රඟපාන්න ඒ උනාට අම්මලා ඒකට චාන්ස් එකක් දුන්නේ නැහැ….ඒ උනාට ධම්මිකත් එක්ක යාලුවෙලා ඉන්න දවස් වල පොඩි පොඩි දේවල් වලට සම්බන්ධ වුනා….වෙසක් කාලෙට භක්ති ගීත වලට සම්බන්ධ වුනා ….ඉස්සර මගේ හිතේ දෙයක් තිබ්බා යම් දෙයක් අපිට ලැබෙන්න නම් ඒක අපි සොයා පැමිණිය යුතුයි කියලා….ඊට පස්සේ මට හිතුනා රංගන ක්ෂේත්‍රය මට හිමි නැහැ මට හොඳ කොල්ලෙක් හම්බ වෙලා ඉන්නවා….” 

කොල්ලව හම්බුනේ කොහොමද …..? ”

එතකොට ධම්මිකගේ first appointment කළුතර කොළඹ ගියේ ජේ.වී.පී කලබල කාලේ තාත්තා bussiness කළේ කළුතර එනිසා අපිට කළුතර යන්න සිද්ධ වුණා ඒ කාලේ මම ආච්චිත් එක්ක ඉරිදට යනවා ෆිල්ම් එකක් බලන්න ධම්මිකටත් නිවාඩු දවසක් ඉරිදා ඉතිං එයාගෙ එයාගේ යාලුවොත් එක්ක ඒගොල්ලොත් ඇවිල්ලා හිටියා මම ඉතින් ඒ කාලේ හරිම posh හරිම සෝබන ඒ කාලේ …මියුසියස් කෙල්ලෙක්නේ කළුතර ගොඩේ කියලා එහෙම තමයි හිටියෙ….කොහොමහරි කොල්ලොන්ගෙ attention එක තිබ්බා ධම්මික කොහොම හරි මගේ තාත්තගේ යාලුවෙක් වුණා …..” 

 ඔබ කලාවට එකතු එකතුවීම වෙනස්ම කතාවක්…විවාහ වුණා හොඳ සැමියෙක් හම්බුනා හොඳ ආදරවන්තයෙක් හම්බුනා එහෙම එහෙම එකක් ඔළුවේ තිබ්බද….? 

 ”මම බලාපොරොත්තු වුණ හැම දේම එයාගෙ තිබ්බා ඇත්තටම ධම්මික මාව ඉස්කෝලෙත් ගෙනිහිං දාල තියෙනවා….ඒ වගේ තාත්තා කෙනෙක් වගේ ඒ රැකවරණය මට හිතුණා මම ඒක mis කරගන්න ඕනෙ නැහැ හැමදේම වෙන්නේ හොඳට කොච්චර මම ඒකට ආස උනත් හිමි නැත්නම් මට ඒක ලැබෙන්නේ නැහැ ඉතින් මට හොඳම දේ ලැබිලා තියෙනවා මං මොකද හොඳම දේ නැති කර ගන්නේ කියලා හිතලා තමයි එයා ලඟ ඉද්දි ලොකු ශක්තියක් දැන් අපි බැඳලා අවුරුදු විසි හයක් එක අදටත් ඒ විදියටම තියෙනවා ….” 

 පලවෙනි කලා නිර්මාණය කොහොමද මේකට මග පෑදෙන්නේ….? 

හුංගම පොලිස් ස්ථානය ධම්මික එතකොට ඒ පොලිසියේ OIC එහෙ තමයි මම ධම්මිකත් එක්ක quarters වල හිටියේ එකපාරට මට quarters එකට කෝල් එකක් එනවා සේමිණි මම ශ්‍රියානි අමරසේන කතා කරන්නේ මම ටිකක් පුදුම වුණා මම ඇහුවා ශ්‍රියානි අමරසේන අර actress කියලා ඔව් ඔව් මම තමයි ඒ කියල කිවුවහම මට හරිම පුදුම හිතුණා …..සේමිණී මම කතා කළේ මගේ ඉරබටු තරුව ටෙලි නාට්‍යයේ මගේ තරුණ කාලේ චරිතයට නිරූපණය කරන්න කෙනෙක් මම හොය හොය ඉන්නවා එතකොට තමයි මම දයාන් විතාරණ අයියා ගාව තිබ්බ photos වගයක් දැක්කේ ඉතිං ඒ ටික දැකලා මට හිතුනා ඔයා තමයි ගැලපෙන්නෙ කියලා මම දන්නවා ඔයා marry කරලා කියලා මොකද කියන්නෙ ඔයා කැමතිද කියලා ඇහුවා….ඒ වෙලාවේ මට තනි තීරණ ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි නේ මම ඉන්නේ මම කිව්වා මම ධම්මිකට කතා කරල callback කරන්නං කියලා කියල නම්බර් එකත් අරගෙන ඒ වෙනකොටත් මට ගැටළු තිබ්බත් මම හරිම ආසාවෙන් හිටිය ළමයි ගොඩක් හදන්න….miscarriage ටිකක් වෙලා තිබ්බා ඒ කාලේ හිතින් ධම්මික හිතුවා ඒ මානසිකත්වය මාව බේරගන්න එක තමයි හොඳම අවස්ථාව කියලා එයායන්න කියලා කිව්වා….”

සේමිණී කියන්නේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව කතා කරන කෙනෙක් නමුත් අද කවදාවත් එලියට දාපු නැති දෙයක් අහන්නයි හදන්නේ….ධම්මිකත් එක්කනෙ කාර් එකේ හැමතැනම යන්නෙ ධම්මික නැතුව ප්‍රියංකර කියලා කෙනෙක් එක්ක කුරුණෑගල තනියම කොහෙද ගියේ….? 

 ”සමන් ප්‍රියංකර නම්මුනිගේ කියලා කියන්නේ ඇත්තට ම මාධ්‍යවේදියෙක් විදිහට මගේ දුව හම්බුනාට පස්සෙ එයා තමයි ලක්බිම පත්තරේ වැඩ කළේ මගේ බබා හම්බුනාට පස්සෙ කරපු ආටිකල් එක ඇත්තටම ඔහු හුංගමට ආවා එදා ඉඳන් ලොකු මිත්‍රත්වයක් සහෝදරත්වයක් අපි අතර ඇති වුණා තමන් ලියනවා හුඟක් articles මම කියවනවා ඒ කාලේ ඔයා කාට හරි උදව් කරන්න පුළුවන් කතා තමයි නිතරම ලිව්වෙ…..ඒ වගේ කතාවකට හුඟක් මම උදව් කළා….කුරුණෑගල කාන්තාවක් අසරණ වෙලා ඉන්නවා සණස බැංකුවේ එයාගේ ගේ උකස් තියලා ගේ නැතිවෙන තත්ත්වයකට තමයි ඇවිල්ලා හිටියේ එයාගෙ ස්වාමියත් නැහැ තාත්තත් කකුල කැඩිලා ඉඳලා නැති වුණා ළමයි දෙන්නයි එයාගෙ අම්මයි එක්ක බොහොම අසරණ තත්ත්වයෙන් ඉන්නවා කියලා ආරංචියක් ආවා ….මගේ එක දෙයක් තියෙනවා ඇත්ත නැත්ත හොයන්න ඇති ව කිසි උදව්වක් මම කරන්නේ නැහැ එනිසා මම එහේ ගියා හැමදේම මම හොයලා බැලුවා කතාව ඇත්ත මම කෝටිපති කාන්තාවක් නෙවෙයි මට හැමදේටම උදව් කරන යාලුවෝ ඉන්නවා මම උදව්වක් ඉල්ලුවම ඒගොල්ලෝ දන්නවා මම අවංකයි කියලා මම ඒ අයගෙනුත් උදව් අරගෙන ලක්ෂ පහකට හයකට වගේ ඒ උකසින් ගේ බේරලා දුන්නා අදටත් ඒ ගොල්ලො ඒ ගෙදර ඉන්නවා හරි සතුටුයි ඉතින් ඒ වගේ බොහෝ දේවල්….නුවර එක ගැහැණු ළමයෙක් සල්ලි නැතුව විශ්වවිද්‍යාල යන්න එයා නොගිහින් ඉඳලා තියෙනවා මම මහා ශිෂ්‍ය සංගමයක් එක්ක කතා කරලා ආපහු එයා විශ්වවිද්‍යාලයට යවලා ඒ වියහියදම් දරලා ඊට පස්සේ එයාට එකෙන් පස්සෙ රැකියාවක් අරන් දීලා දැන් ඇය ගුරුවරියක් මම හිතන්නේ දැන් ඇය විවාහ වෙලා….”

අද සමාජයේ කලා ශිල්පීන් ශිල්පිනියන් දාලා තියන තියන තැන එච්චර හොඳ එකක් කියලා ඔබ හිතනවද ….? ”

ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්වයක් ….මම නිළියක් කියලා කියන්න පොඩි ලැජ්ජාවක් දැන් තියෙනවා ඒ තැනට දැන් ඇවිල්ල තියෙන්නේ මොකද ඒ රංගනයෙන් පරතරයට ගියපු අය නිසා නෙමෙයි නිලියන් කියලා කියා ගන්නා පිරිසක් ඇවිල්ලා ක්ෂේත්‍රය තුළ කරන මේ අදූරදර්ශී වැඩ නිසා සියලුම දේ නැති වෙනවා එක පැත්තකින් මාධ්‍යයටත් දොස් කියන්න ඕනේ මාධ්‍යයට යුතු කමක් නැහැ ඒ වගේ නිළිය කියලා පාවිච්චි කරන්න රංගන ශිල්පිනිය කියලා පාවිච්චි කරන්න ඒ වගේ එකකට පෙනී සිටි අයට හොඳ නැහැ ඒක මාධ්‍ය කරන වැරැද්දක්….ඉස්සර මම හිතාගෙන හිටිය මගේ දුව මොන ක්ෂේත්‍රයටද කැමැත්තෙන් යොමු වෙන්නේ රංගන ශිල්පිනියක් වුණත් ප්‍රශ්නයක් නෑ මම ඇයට උදව් කරනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ ඊට පස්සෙ මම හිතා ගත්තා මගේ දුව කැමති නැහැ ජනප්‍රිය දත් දොස්තර කෙනෙක් වත් වෙනවට ජනප්‍රිය චරිතයක් වෙනවට මම කැමතිම නැහැ එක මේ සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ට එල්ල වන චෝදනා සහ සමහර ඇත්තක් තියෙනවා බොරු තියෙනවා ඒවා හොයන්නේ නැතුව පොදුවේ හැමෝටම දොස් කියනවා අපරාදේ ඉතිං මෙහෙම වෙන එක පෙන ම තියෙන්නන් නිසා මුළු ක්ෂේත්‍රයකම තියෙන නම්බුව ගෞරවය නැති වෙන එක දුකක් …..”

අමතක කරන්නම බැරි රංගනයක් තමයි yes boss රෝශිනි…? ”

අම්මෝ මතකයි….yes boss කියද්දී අමතක වෙන්නේ නැති චරිතයක් තමයි විජය නන්දසිරි අයියා,lucky dias අයියා,අවුරුදු තුනක කාලයක් අපි රූගත කිරීම් කරා හරිම සුන්දර කාලයක් තාමත් ඒක විකාශනය වෙනවා සහ වැඩිම views ගානකුත් තිබ්බයි yess boss කියලා මට පහුගිය කාලේ ආරංචි වුණා….මුල් දවස් වල පොඩ්ඩක් අමාරු උනා….සුරන්ජන් විජේනාම තමයි අධ්‍යක්ෂකවරයා ඔහුගේ සහාය ලැබුණා විජය අයියාගේ සහයෝගය අප්‍රමාණයි අද මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා ආදරණීය විජය අයියව….අදටත් මිනිස්සු හරිම ආදරයෙන් එකේ සුන්දරත්වය විඳිනවා ඒක ගැන ලොකු ආඩම්බරයක් සතුටක් තියෙනවා….”

මාතර වැලිගම පැත්තෙ වෙච්ච සිදුවීමක් ඒ සිදුවීම පොඩ්ඩක් කියන්න කෝ ….? ”

සමනුයි මායි එකතු වෙලා කරපු පලවෙනි වැඩේ ඒක….ඒක ගැන මට හරිම ආඩම්බරයි දැන් ඒ දුවට අවුරුදු 25 ක් වෙනවා එයා දැන් nursing කරනවා….හරිම ආසයි කියන්නේ මම තමයි ඒ දුවව මොන්ටිසෝරියට දැම්මෙ ඒ දුවට ඉස්සර මොන්ටිසෝරියට භාර දෙන කොට පුටුවයි මේසෙයි දෙන්න ඕනනෙ මගේ මහත්තයා තමයි ඒව මට හදල ගෙනත් ඒ දුවට දෙන්න දැන් ඒ දුව ඒ තත්ත්ව ඉන්නඑක ගැන මට හරිම ආඩම්බරයි…. 

ම ආරම්භයේදීම කිව්ව සම්මානනීය නිළියක් කියලා….ඒ සම්මාන ගැනත් අපි මතක් කරමු ….?

මට සම්මාන ගොඩක් ලැබිලා නැහැ….අන්තිමටම මට ලැබිච්ච සම්මාන තමයි 28 චිත්‍රපටයට ජනාධිපති සම්මානය සම්මාන හොඳම නිළිය….” ඔබට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයට ඔබට මොනාද කියන්න තියෙන්නේ….?

”මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ ජනප්‍රිය චරිත දිහා හැමතිස්සෙම වැරදි විදියට බලන්න එපා හුඟක් අය නරක විදිහට තමයි ජනප්‍රිය චරිත දිහා බලන්නේ හැම කෙනෙක්ම ඒ තැන එහෙම නැහැ නිසා අපේ රංගන ජීවිතයේ අපි කරන නිර්මාණ රසවිඳින්න ඒවා අගය කරන්න ඇති හොඳටම කාගෙවත් පෞද්ගලික ජීවිතය දිහා බලන්න එපා හැමෝටම පෞද්ගලිකත්වයක් අවශ්‍යයි අපේ නිර්මාණ ආදරයෙන් රස විඳින්න….”

ඔබ කෙලින් කතා කරන කෙලින් කතා කරන චරිතයක් කියලා මම කිව්වා ඉදිරියටත් දේශපාලනය වෙනුවෙන් පෙනී හිටිනව ද ….? 

”මගේ සැමියා පොලිස් නිලධාරියෙක් රජයේ සේවකයෙක් …..මම නිසා ඔහුගේ උසස් වීම් වලට පවා බලපෑම් ඇති වෙලා තියෙනවා මම ඒ දීපු පුංචි voice cut එක නිසා….ඇත්තටම මම නිසා තමයි එයා එතනට හිර වෙලා ඉන්නේ….මොකද මම රටට අවශ්‍ය කාලයේදී අවශ්‍ය දෙයක් වෙනුවෙන් විතරයි මම පෙනී හිටියේ පෙනී හිටීමකුත් නෙමෙයි ඇත්තටම මගේ වොයිස් කට් එකක් විතරයි ඒ නිසා ඔහුට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා ඔහු දැන් එක තැන හිර වෙලා තියෙනවා ….ඉන්න ඕන තැනට වඩා දහස් ගුණයක් පහත තැනක ඔහු ඉන්නේ…

 ජීවිතයේ වැඩිපුරම ආදරය කරන්නේ….?

”දුවට අම්මට තාත්තට මල්ලිට සැමියාට….


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now

You may like This Video👇

යෝජනා 2000 ක් ඇවිත්- බඳින්න තාම කොල්ලෙකුත් නෑ  👇