Online හරහා මත්පැන් අලෙවි කිරීම ගැන අලුත්ම තීරණය මෙන්න.

Online
By Aruna Jun 16, 2021 07:41 AM GMT
Report

 සුපිරි වෙලෙදසැල් මගින් Online හරහා මත්පැන් අලෙවි නියමු ව්‍යාපෘතියකට අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා සඳහන් කළේ.

මේ වන විට සංචරණ සීමා පනවා තිබෙන නිසා Online ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා පළමුව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම පළමුව සිදුකළ යුතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

Online ක්‍රමය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් බවත්, මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම මත්පැන් ලබාදීම සිදුකළ යුතු අයුරු සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now