මව හා යතුරුපැදියේ ගමන් ගත් තරුණයාට එල්ල වූ බිහිසුණු වෙඩි ප්‍රහාරයේ තොරතුරු රැසක් එළියට - සීසීටීවී දර්ශන සහිතයි - (VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
Gun Shooting
By Sewvandhi
සිය මව සමග ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී කොටුගොඩ පුබුදුමාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්යේ පසුවන පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩිතැබීමෙන් මවට හානියක් සිදුව නොමැති අතර මුඛයට බරපතළ තුවාල සිදුව ඇති එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවටයි, වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ.
අද උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ සීදූව පල්ලිය හංදිය ප්‍රදේශයේදීය. වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවටය.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
