රෝහලේ ආරක්ෂකයින් 45යි -ඉන් 40කට කොවිඩ් !

covid19 peradheniya hospital kurudhuvaththa thel deniya navalapitiya
By Sewvandhi Jul 20, 2021 03:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 45 දෙනෙකු අතරින් 40 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය අංශ පවසනවා.

කොවිඩ් ආසාදනය වූ 40 දෙනා අතරින් 11 දෙනෙකුම කාන්තාවන් බවත් ඔවුන් මේ වනවිට පැණිදෙනිය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බව සඳහන්.

එමෙන්ම අනිත් ආරක්ෂක නිලධාරීන් නාවලපිටිය ,කුරුඳුවත්ත සහ තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

පේරාදෙණිය රෝහලේ ආරක්ෂක කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු කණ්ඩායමක් තාවකාලිකව යොදවා තිබෙන අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now