පරිස්සමෙන් නිවෙස්වල වටින දේවල් සොරකම් කරන්නේ මෙහෙමයි

police security Thieaves
By Sithumi Sep 28, 2021 11:52 AM GMT
Sithumi

Sithumi

Report

ශාන්ති කර්මයක් සිදුකිරීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ හා දේපළ වංචා කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම, හෝකන්දර, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම පියාගේ අසනීපය සුව කිරීම සඳහා මිතුරෙකුගේ මාර්ගයෙන් ලබාගත් තොරතුරක් ත පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දේවාලයකට මැයි මස 18 වනදා ගොස් තිබේ. 

ඒ අනුව දේවාලයේ පූජකයා විසින් එම පුද්ගලයාට පවසා ඇත්තේ, පියාට හා ඔහුට යක්ෂයෙකු ආරූඪ වී ඇති බවය. එම තත්ත්වය නැති කිරීමට නම් ශාන්ති කර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා පසුව මැයි 22 වන දා අදාළ පුද්ගලයාගේ නිවනසේ දී එය සිදුකර ඇතැයි පොලීසිය පවසයි. 

ශාන්ති කර්මය පවත්වන අවස්ථාවේ දී ආරූඪ වු පුද්ගලයා නිවැසියන්ට ප්‍රකාශ කර ඇත්තේ, නිවසේ ඇති රන්භාණ්ඩ එම නිවසෙහි පැවතීම නිවසට සාපයක් බවත් දළදා මාළිගාවට පුජා කළ යුතු බවත්ය. එමෙන්ම නිවෙස් ඇති නවීන පරිගණකය ද ඔවුන් විසින් භාවිත කිරිම සුදුසු නොවන බවත් ඒ සියල්ල හේතුවෙන් වැඩ කටයුතු අඩාල වන බවත් යකැදුරා පවසා තිබේ. 

ඒ අනුව රුපියල් ලක්ෂ 4ක් වටින රන්භාණ්ඩ හා රුපියල් 250,000ක් වටින ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද යකැදුරා විසින් ඔහුගේ වාහනයට දමන ලෙසට පවසා ඒ සියල්ල රැගෙන නිවසින් බැහැරව ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. 

 ඒ සම්බන්ධයෙන් ඊයේ (27) දින තලංගම පොලීසියට ලද තොරතුරක් මත එයට අදාළ 21 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි යකැදුරෙක් පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ReeCha