පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීම්වලට පොලිස් නිල සුනඛ සහාය
පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සදහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාසල් මට්ටමින් සිදු කරන එවැනි සෝදිසි කිරීම් සඳහා නිල සුනඛ සහාය අවශ්‍ය නම් විද්‍යාලයේ විදුහල්පතිට, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමග සම්බන්ධ වී ඊට අදාල සහාය ලබා ගැනීමට හැකියාව පවතී.
පොලිස් මාධ්‍ය කොට්ඨාස සදහන් කළේ පහත දුරකථන අංකවලට අමතා ඊට අදාල තොරතුරු ලබාගත හැකි බවයි.
071 85 91 816
081 22 33 429
[