කොරෝනා සඟවාගෙන ගුරුවරියක් පාසල් එයි..දෙමාපියන් කරපු දේ මෙන්න.

Covid Sri Lanka School teacher Mihinthalee city
By Aruna Nov 19, 2021 06:42 AM GMT
Aruna

Aruna

Report

රෝගය සැඟවූ ගුරුවරිය ස්වයං නිරෝධායනයට කොවිඩ් 19 වයිරස රෝග ලක්ෂණ පහළවී තිබියදිත් සේවයට වාර්තා කරමින් රෝගය සැඟවූ බව කියන ගුරුවරියක ස්වයං නිරෝධායන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබේ.

මිහින්තලය නගරයේ පිහිටි විදුහලක ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට මේ පිළිබඳව සැලවීමත් සමඟ ඇයට දෙමාපියන්ගේ තදබල අප්‍රසාදය එල්ලවී තිබේ.

ගුරුවරියට හා ඇගේ සැමියාට දින කිහිපයකට ඉහතදි කොවිඩ් 19 වයිරසය වැලදී රෝග ලක්ෂණ මතුව තිබෙන අතර පෞද්ගලිකව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කර ගැනීමෙන් පසුව කොවිඩ් 19 වයිරසය වැළදී ඇති බව තහවුරුවීම නිසා විද්‍යාලයට අයත් නිල නිවාසයේ රැඳී සිට ඇති බව තහවුරු විය.

අනතුරුව මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ඒ පිළිබඳව සැලවීමත් සමග ඔවුන් පදිංචිව සිටි නිවසට පැමිණ ගුරුවරිය හා ඇගේ සැමියාව ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha