පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමති කියූ දේ.(VIDEO)
කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවද ඒ් මහතා සඳහන් කළේය.
වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා "ගුරුගෙදර"ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා දැනටමත් යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.
ගුරුගෙදර පාඩම් රූපවාහිනිය හරහා ලබාදෙන බවද ඊ තක්සලාව ඉන්ටනෙට් ක්‍රමවේදයක් බවද මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
උ/ පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) සිට ලබන මස 10 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකරන බවය. පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද සනත් ජූජිත මහතා සඳහන් කළේය.
අද දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
