මැතිවරණ කොමිසමේ මහ රෑ නිවේදනයෙන් පාසල් වැඩ අවුල් වෙලා..

Report

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, මැතිවරණවලදී පාසල් කාර්ය මණ්ඩල හා පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල, සහ ගණන් කිරීමේ කටයුතුවල නිරත වූ අනෙකුත් කාර්ය මණ්ඡන්ද විමසීමෙන් පසු රාජකාරී නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලා අප්‍රේල් 25 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළ බවත්, එදින තීරණයක් නොගෙන රාත්‍රි 11.00ට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් දෙපාර්තමේන්තුවේ අසමත්කම පෙන්නුම් කළ බවත්, ඒ ගැන කනගාටුව පළ කරමින් සංගමය සඳහන් කරයි.

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ පිටවූ කළු දුමාරයක්

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ පිටවූ කළු දුමාරයක්

රාත්‍රියේ නිවාඩු නිවේදන නිකුත් කිරීමෙන් පාසල් සිසුන්ට මහත් අපහසුතාවක් සිදුවූ බවත්, පාසල් පරිපාලන කටයුතු බෙහෙවින් අවුල් වූ බවත් පවසන සංගමය, දින දෙකකට පෙර ගත යුතු තීරණයක් අතපසු කළ බවට දෙපාර්තමේන්තුවට චෝදනා කරයි.

තවද, පාසල්වලින් බැහැර මධ්‍යස්ථානවලට රැගෙන ගිය ඩෙස්ක්, පුටු ආදිය මහ රෑ ප්‍රවාහනය කිරීමට සිදුවීමෙන් ඇතැම් ස්ථානවල එම කටයුතු අතපසු වීම නිසා බොහෝ අපහසුතා ඇති වූ බවත් එම ලිපියේ දැක්වේ. 

රෝහිත් ෂර්මාගේ විශ්‍රාමයත් සමඟ ටෙස්ට් නායකත්වය ලබන්නේ කාටද?

රෝහිත් ෂර්මාගේ විශ්‍රාමයත් සමඟ ටෙස්ට් නායකත්වය ලබන්නේ කාටද?