සිසුවියකගේ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහරින්න ගිය හමුදා සෙබලා මාට්ටු වෙයි..
නිරුවත් වීඩියෝ දර්ශන ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට පාසල් සිසුවියකට තර්ජනය කළ මින්නේරිය යුධ හමුදා කඳවුරේ සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා.
ඒ අදාළ සිසුවිය කටුගස්තොට පොලිසියට කරණ ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව බවයි පැවසෙන්නේ.
අදාළ ශිෂ්‍යාව ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා මෙම යුද හමුදා සෙබළා සමග හිතවත්කමක් ඇති කර ගෙන ඇති බව විමර්ශනයේ දී හෙළිව ඇත.
ඔහු විසින් ඇයට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමක් අනුව එම සිසුවිය ඔහුට එවැනි ඇමතුමක් ලබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
සැකකරු ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ ඇමතුම පටිගත කර ගෙන නැවත එය අදාළ සිසුවිය වෙත යොමු කර යළිත් එවැනි ඇමතුමක් ලබා ගන්නා ලෙසත්, එසේ නොකරන්නේ නම් නිරුවත් වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කර ඇත.
මේ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ, අදාල සැකකරු ඊයේ (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000ක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවයි.
දරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ දී සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමව්පියන්ට දැනුම්දී ඇත්තේ.