2022 ට පාසල් ළමුන්ට නිල ඇදුම් දෙන දිනය මෙන්න.

School education Nila edum 2022
By Aruna Apr 21, 2021 07:21 AM GMT
Aruna

Aruna

Report

2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂයේ අවසන් පාසල් වාරය නිම වීමට ප්‍රථම සිසුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇදුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත යුතු බවට මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් කැදවා, යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ReeCha