කැසීම නිසා හදිසියේම පාසලක් වැසෙයි - 15ක් පමණ ළමයින් රෝගී වෙලා..

Sri Lanka Sri Lankan Schools
By krishani Sep 20, 2023 11:13 AM GMT
krishani

krishani

Report

අද (20) දිනයේ පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් හදිසියේ රෝගී තත්ත්වයකට පත් වී තිබෙනවා.

මෙලෙස තාවකාලිකව වසා දමන ලැබුවේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් 250 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන කුරුණෑගල, ගනේවත්ත හිරිපිටිය විද්‍යාලයයි.

එම විද්‍යාලයේ දරුවන් 15 දෙනෙකු පමණ එලෙස හදිසියේ රෝගී වී ඇති අතර පාසලේ ඉගෙනුම ලබමින් සිටිය දී ළමුන් කිහිපදෙනෙකුට ශරීරය කැසීමේ රෝගී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ව ගනේවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත.

ළමුන් කිහිප දෙනෙකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ අනුව ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ පාසලේ සියලුම පන්ති කාමර විෂබීජනාශක යොදා පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මෙවැනි රෝගී තත්ත්වයන් හඳුනා ගතහොත් පාසලක් සාමාන්‍යයෙන් දින 03ක් පමණ වසා දැමීමට සිදුවන බවත් රෝගී තත්ත්වය පාලනය වී ඇති හෙයින් හෙට දින නැවත පාසල විවෘත කිරීමට අදහස් කරන බවත් ය.

කෙසේ වෙතත්, මෙවැනි රෝගී තත්ත්වයක් පැතිර යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.  

ReeCha