දිස්ත්‍රික් 03ක පාසල් වල 9,10,11 ශ්‍රේණි වල දරුවන්ට විශේෂ දැනුම් දීමක්..

Education Western province School children exam
By Aruna Mar 21, 2022 02:33 AM GMT
Aruna

Aruna

Report

ප්‍රශ්න පත්‍ර මුද්‍රණ පත්‍ර හිඟය හේතුවෙන් කල් දැමුණු බස්නාහිර පළාතේ රජයේ පාසල්වල 9, 10, 11 ශ්‍රේණිවල වාර විභාග කලින් නියමිත දිනවලම පැවැත්වීමට තීරණ කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේ,ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපුරා ගැනීමට මේවන විට හැකිව ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9, 10, 11 යන ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාල සටහනට අනුව මාර්තු 29 දින ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව 6,7,8 යන ශ්‍රේණි වල සිසුන්ගේ වාර විභාග කටයුතු අද(21) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අවධාරණය කළා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha