මැයි 09 වැනිදායින් පසු සියලු පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක්...

Ministry of Education Ranjith Siyambalapitiya Sri Lanka Education
By Aruna Apr 26, 2023 02:00 AM GMT
Aruna

Aruna

Report

පාසල් ළමයින්ගේ සපත්තු සහ බෑග් මිල මැයි මස 09 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමට එම නිෂ්පාදකයෝ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකදී එකගතාවය පළකර ඇතැයි වාර්තා වනවා.

මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (25 වැනිදා) සවස පැවැත්වූ අතර, සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයෝ රැසක් සහභාගිවී සිටි බවයි පැවසෙන්නේ.

ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බවත්, එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසත් මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට කියා සිටියා.

ඒ අනුව මැයි 09 වැනිදායින් පසුව පාසල් බෑග් සහ සපත්තුවල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now