සියලු පාසල් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..විවාහ මංගල උත්සවත් නවතී?.
සියලු පාසල් විවෘත වු පසු ඉදිරියේදි සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
එමෙන්ම විවාහ උත්සව ඇතුළු අත්‍යවශ්‍ය ඒකරාශි වීම සඳහා ඉතා සුළු පිරිසක් පමණක් එක් කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කළේ.
ලබන සඳුදා සිට මෙතෙක් විවෘත නොවු 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර, ඒ අනුව, ළමයින් 27 ලක්ෂ 14 874 එදින සිට පාසල් වෙත පැමිණෙනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරණයක් කර ඇති බව කොළඹ ඊයේ (18) පැවැති උත්සවයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ අදත් (19) ක්‍රියාත්මකයි.
ඊයේ (18) දිනයේදී තවත් පුද්ගලයන් 18,460 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබාදී ඇති අතර, ඒ අනුව මෙරට කොරෝනා වර්ධක මාත්‍රාව ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ 63,789 දක්වා ඉහළ යනවා.
එමෙන්ම තවත් කොවිඩ් ආසාදිතයින් 737 දෙනෙකු ඊයේ (18) අලුතින් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 554,459ක් දක්වා ඉහළ ගියා.
පෙරේදා (17) සිදු වූ කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) තහවුරු කළ අතර, ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,072ක් ලෙසයි.
පවතින තත්ත්වය සලකා බලා මහජන ඒකරාශි වීමි අවම කරන ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
