පොලිස් නිළධාරීන් ගැන ගත් තීරණයක් මෙන්න.. වැඩබලන පොලිස්පතිත් ඇවිත්..

Sri Lanka Police Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 17, 2024 05:46 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති කාර්‍යාලයේ පූර්ණ අනුග්‍රහය මත පැවැත්වූ ‘Scene Of Crime Officer Training’ පොලිස් පාඨමාලා උලෙළේ සමාප්තිය අද (17) සිදු විය.

ඒ අමෙරිකානු තානාපතිනි චූලි චන්ගේ ප්‍රධානත්වයෙන් ය.

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)


2024 වසරේ පෙබරවාරි මස 19 වැනි දින සිට ඔක්තෝබර් මස 16 වැනි දින දක්වා අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමට අදාළ ව පුහුණු සැසි 05ක් පැවැත්විණ.

ඒ කළුතර පොලිස් විද්‍යාලයේ දී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් 95 දෙනෙකු වෙනුවෙන් ය.

මෙකී පාඨමාලාව නිලධාරීන් 57 දෙනෙකු සඳහා පුහුණු සැසි වාර 03ක් සහ තවත් නිලධාරීන් 38 දෙනෙකු සඳහා උසස් අදියර යටතේ පුහුණු සැසිවාර 02 බැගින් පැවැත්විණ.

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)


මෙම පාඨමාලාවට එක් වූ නිලධාරීන් සඳහා සහතික පත් සහ නිල ලාංඡන පැළඳවීම ජූලි චන්ග් මහත්මිය විසින් සිදු කෙරිණ.

ඒ අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී ය.

කෙසේ වෙතත්, එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අමෙරිකානු තානාපතිනිය ඇතුළු පාඨමාලා උපදේශකවරුන් වෙත සමරු තිළිණ ද පිරිනැමිණ.