මුල් මාස අටට ළූණු ටොන් 217883ක් ගෙනල්ලා
මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුළ ලොකු ළුණු මෙට්‍රික්ටොන් දෙලක්ෂ දාහත්දහස්,අටසියඅසුතුනක් (217,883) ආනයනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවල සදහන් වේ.
ඒ අනුව ඉකුත් වර්ෂයේ (2024) මුල්මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුලදි ලොකු ළුණු මෙට්‍රික්ටොන් හැත්තැ තුන්දහස්, තුන්සිය තිස්දෙකක (73,332) ආනයනය කොට තිබුණි.
ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුල ආනයනය කොට ඇත්තේ ලොකු ළුණු මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හතලිස්හතරදහස් පන්සිය පනස් එකකි. (144,55) මේ වනවිට දේශිය ලොකු ළුණු අලෙවිකරගැනිමට නොහැකිව දේශිය ලොකු ළුණු ගොවින් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
ස.තො.ස මගින් ලොකු ළුණු මිලදී ගැනිම සදහා වැඩපිළිවෙලක් යොදා තිබුනද ලොකු ළුණු මිලදී ගැනිම සදහා පනවා ඇති නිර්නායක පිළිබද දේශිය ලොකු ළුණු ගොවින්ගේ දැඩි විරෝධය පලවි ඇත.
ඇතැම් නිලධාරීන් විසින් රජය අපහසුතාවයට පත්කිරීම සදහා මෙවැනි නිර්නායක පනවා ඇති බවද ගොවින් පෙන්වා දෙති.