මීට පස්සේ ලොකු ලූනු ගන්නේ මෙහෙමයි - රජයෙන් දාපු කොන්දේසි 17ක් මෙන්න

Report

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා ඇත. එබැවින් රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 - 65ක් බව සඳහන්.

එසේම විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා ඇත.

ඒ අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය නොඉක්ම විය යුතු වේ.

මේ අතර මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත විය යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා ඇත.

තත්ත්වය මෙසේ වුවත් ගොවීන් චෝදනා කරන්නේ රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බවයි.

ඉස්සරහට පොල් කාලත් ඉවරයි - පොල් මිල ඉහළට

ඉස්සරහට පොල් කාලත් ඉවරයි - පොල් මිල ඉහළට

ඊට අමතරව සතොසට මිලදී ගනු ලබන්නේ නැවත අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවට සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කියා ඇත.

මේ අතර මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් ඉකුත් මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙළීම ආරම්භ කළා.

එසේ වුවත් නියමිත මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් දැඩිව අසරණ වී සිටී.

එසේම ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ. එවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර ඇත.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

එබැවින් ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 ක් බව සඳහන්.

කෙසේ වෙතත් ඊයේ දින(28) පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් කියා සිටියේ මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවයි.

ඒ අනුව ඊයේ පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර නොතිබූ බව සඳහන්.

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්