ආන්දෝලනාත්මක කතාබහකට ලක් වුන, සහරාන්ගේ රථය ගැන සරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
තමන් භාවිත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයට අදාළ රථය රාජසන්තකර කරන ලද රථයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන්ට අයත් රථයක් සරත් වීරසේකර මහතා භාවිත කළ බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා.
"අද උදේ ඕක මට ආරංචිය අවාම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා. එතුමා කිව්වා මේක රාජසන්තක කරපු වාහනයක්. පොලිසියට දීලා පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට ඇටෑච් කරලා තියෙන්නේ මට ඇටෑච් කරලා නෑ. මම එක පාවිච්චි කරලත් නෑ. පාවිච්චි කරන්නෙත් නෑ."
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |