ලබන 09 වැනිදා අවසන් කරන්න යන දෙයක් ගැන ආරක්‍ෂ අංශ අවධානයෙන්..
Ranil Wickremesinghe
Sarath Fonseka
Tiran Alles
Sri Lanka
Samagi Jana Balawegaya
By Aruna
අගෝස්තු නව වැනිදා කොළඹට පැමිණ අරගලය අවසන් කළ යුතු බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ.
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේදී මේ බව දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මහතා කර ඇත්තේ බරපතළ ප්‍රකාශයක් බවත් ඉන් මහජන කැළඹීමක් ඇති කරන බවද මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |