හිටපු ඇමති සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස් කෙරේ..

Police Political FCID Sarana gunawardhana
By Aruna Jul 30, 2021 05:54 AM GMT
Aruna

Aruna

Report

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තුන්දෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බව දන්වා සිටියේය.

එහිදී සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, එම නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසය.

ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස නියෝග කළේය.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha