සරණ ගුණවර්ධන නඩු තීන්දුව කල් යයි

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍ මෙම නඩුවල තීන්දු අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ඉන්දියාවට ඩොලර් බිලියන 25ක දැවැන්ත අලාභයක්

ඉන්දියාවට ඩොලර් බිලියන 25ක දැවැන්ත අලාභයක්

කෙසේවෙතත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබුණි. 

ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම බලාත්මක කෙරේ

ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම බලාත්මක කෙරේ